වගකිවයුත්තෝ

අංගම්පොර යනුවෙන් ලංකාවේ සටන් ශාස්ත්‍රයක් පුරාතනයේ සිට පැවති බවට මෑත කාලීනව ජනතාවට අමතක වී තිබුණේ අවුරුදු සියගණනක් අපේ සංස්කෘතියට යටත් විජිත පාලනය විසින් එල්ලකළ සූක්ෂම ප්‍රහාර නිසාවෙනි. අංගම් මඩු ගිණි තබමින්, අංගම් ශිල්පීන්ගේ දණහිසෙන් පහළට වෙඩිතැබීමට අණ දෙමින්, අංගම් ශාස්ත්‍රය ප්‍රගුණ කිරීම නීති විරෝධී ක්‍රියාවක් බවට පත් කරමින් තිබූ යටත් විජිත යුගයේ පරසුද්දන්ගේ කෙණහිලිකම් මේ සඳහා බලපාන්නට විය. එසේ නොමැති වූවා නම් අංගම් ශාස්ත්‍රය යනු තමන්ගේ පවුල්වලට පමණක් උගන්වන ශාස්ත්‍රයක් නොවේ. එය එසේ වන්නට හේතු වූයේ අංගම් ශාස්ත්‍රයේ මතු ආරක්ෂාව උදෙසා අප මුතුන් මිත්තන් ගත් තීරණය නිසාවෙනි. කෙසේ වෙතත් මේ පිළිබඳව නැවතත් ජනතාව දැනුවත් වූයේ ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ දඬුමස්නාමානය හා අකාල සන්ද්‍යා වැනි අංගම්පොර පිළිබඳව කියැවෙන (නමුත් අංගම්පොර භාවිතා නොවන) ටෙලි නාට්‍ය කිහිපයක් සමඟය. මේ සමඟම අංගම්පොර සටන් ශාස්ත්‍රය පිළිබඳව ජනතාවගේ අවධානය වැඩි වන අතර අංගම්පොර නැමති මේ ප්‍රභල ශාස්ත්‍රය ඉගෙන ගැනීමට ලංකාවේ තරුණ තරුණියන් දැඩි උනන්දුවක් දක්වන්නට විය.

මෙහිදී සිරි කොතලාවල නම් පුද්ගලයෙක් අපූරු දෙයක් කිරීමට මුල පිරුවේය. එනම් ක්‍රීඩා අමාත්‍යාංශය හරහා අංගම් සටන් ශිල්පීන්ගේ සම්මේලනයක් පිහිටුවීමයි. මෙයින් තමන්ට ලැබෙන ලාභ ප්‍රයෝජන ගැන අවබෝධ කරගත් ජී. කරුණාපාල, ග්‍රේෂන් ප්‍රනාන්දු, රාජා වික්‍රමාරච්චි වැනි ලංකාවේ අංගම් තහනම් යුගයේදී මේ රටේ බහුලව භාවිතා වූ චීනඩි හා මලයාලම් සටන් ශිල්පීන් කිහිප දෙනෙක් මේ සම්මේලනයට ඉදිරිපත් වී තමන් අංගම්පොර ශිල්පීන් බව ප්‍රකාශ කරමින් විවිධ ක්‍රියාකාරකම් කරන්නට විය. කෙසේ වෙතත් කොස්වත්ත හා මිරිහාන ප්‍රදේශවල සුප්‍රසිද්ධ චීනඩි ශිල්පියෙක් වූ ජී. කරුණාපාලගේ තුසිත ආත්මාරක්ෂක සටන් කලායතනයද මෙයට සම්බන්ධ විය. මෙවන් අය අංගම්පොර සම්මේලනයට පැමිණෙන විට සිරි කොතලාවල පැහැදිලිවම මොවුන් අංගම් ශිල්පීන් නොව චීනඩි ශිල්පීන් බව දැනගෙන සිටියේ ය. ඒ බව ඔහුම අද පිළිගනී. අද ඔහු කියන්නේ කරුණාපාල අංගම්පොර නොදන්නා බවත් ඔහු චීනඩි ශිල්පියෙක් බවත් ය. එසේ අද ඔහු කියන්නේ එදා කරුණාපාල ලංකාවේ එකම ප්‍රවීණ අංගම් ශිල්පියා යයි රූපවාහිනී හා පත්තර මාධ්‍ය වලට පැවසූ කටින්ම වීම ජුගුප්තාසහගත ය.

වයිරමුත්තු වැනි ගුරුවරුන් කිහිප දෙනෙකුගෙන් මේ රට තුළ පැතිරුණ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල රස්තියාදුකාරයින් හා චන්ඩින් විසින් පමණක් ඉගෙන ගන්නා ලද සිරිත් විරිත් පද්ධතියකින් තොර ගහ ගැනීමේ කලාවක් වන අවජාතක චීනඩි  යනු දෙමල හා මුස්ලිම් පිරිස් අතර බහුලව පැතිරුණ සටන් ක්‍රමයක් වූ අතර මෙය ඉගෙන ගැනීමට ජාති හා ආගම් භේද නොවීය. කෙසේ වෙතත් මෙහි හිණිපෙත්තටම ගියාහු නම් ඒ ද්‍රවිඩ හෝ  මුස්ලිම් ජාතිකයන් ය. එයට උදාහර එමට ය.  මේ අතර ලංකාවේ සුප්‍රසිද්ධ චීනඩි ශිල්පීන් ලෙස අගමැත් සර් ජෝන් කොතලාවල, රොබ් ගුණවර්ධන, ජී. අගෝනිස්, කොට්ටේ ජුලියස් පෙරේ, මාලඹේ නෙත්තසිංහ, කෙසෙල්වත්තේ සයිමන් හෙට්ටු ආරච්චි, ගාමිණි ෆොන්සේකා, රිචඩ් පීරිස් වැනි අය ප්‍රමුඛතැනක් ගනී. අද සිව්හෙළු අංගම් ශිල්ප කලා සම්මේලනයේ අය ප්‍රසිද්ධ අංගම්පොර ශිල්පීන් ලෙස හඳුන්වා දෙන්නේ ද මේ චීනඩි ශිල්පීන්ම වීම හාස්‍යජනක ය. මේ බොහෝ අය Scientific Unarmed Combat නම් පොතක් ලියූ ආර්. ඒ.  වෛරමුත්තුගේ ගෝලයන් හෝ ගෝලයන්ගේ ගෝලයන් ය. අද අංගම්පොර නමින් සංස්කෘතික අමාත්‍යාංශය තුළ අටවාගෙන පවත්වාගෙන අය සම්මේලනයක් සිටින බොහෝ අයද වෛරමුත්තුගේ ගෝලයින්ගේ ගෝලයන් ය. බේබද්දෝ, චන්ඩි, ස්ත්‍රී දූෂකයෝ හා මුට්ට කරගහන්නන්ට සීමාවූ චීනඩි සටන් ශිල්පය දන්නා මුස්ලිම් ජාතිකයන්ද බොහෝ ය.

අදටත් බේරුවල ප්‍රදේශයේ බේරුවල චීනඩි නමින් මුස්ලිම් ජාතිකයෙකු ප්‍රසිද්ධියේ චීනඩි උගන්වන බව අප කවුරුත් දනිමු. මෙ පුද්ගලයාත් මේ මොහොත වන විට අංගම්පොර බවට පත්වී සිටිනවාදැයි අපි නොදනිමු. කෙසේ වෙතත් ඔහු චීනඩි චීනඩි නමින් හඳුන්වාදී තිබීම අපි අගය කරමු. මේ ආකාරයට ලංකාවේ බොහෝ ප්‍රදේශවල චීනඩි උගන්වන මුස්ලිම් ජාතිකයන් ඉදිරියේ ඔවුන් දන්නා චීනඩි ශිල්පයම අංගම්පොර නමින් රූපවාහිනී හා පත්තර පිටු ගණන් රඟ දැක්වෙන විට ‘එහෙනම් අපිත් දන්නේ අංගම්පොරයි‘ යන තීරණයට පැමිණීමට මුස්ලිම්  චීනඩි ශිල්පියෙකුට සාධාරණ අයිතියක් ඇත. චීනඩි අංගං නමින් කරුණාපාලලා උගන්වන විට මෙය තමයි අංගං හෝ මෙය අංගං නමින් විකිණිය හැකිය යනුවෙන් සිතා අංගම්පොර නමින් කලායතන බිහිකිරීමට හෝ අංගම්පොර නමින් පෙනී සිටීමට අද මුසුලිම් ජාතිකයන් 11 දෙනෙක් ඉදිරිපත් වී ඇත. හෙටද තවත් මෙවන් අංගම්පොර නම භාවිතා කරන මුස්ලිම් චීනඩි ශිල්පීන් බිහි නොවෙනු ඇතැයි සිතිය නොහැකි ය.

කෙසේ වෙතත් කතාන්දරය හරියටම සමාන වන්නේ සුද්දන් විසින් සුද්දියෙක් ලවා වැද්දන්ගේ ජාන ගෙනගියාටය. වැද්දන් තුළ යම් ජානමය වටිනාකමක් ඇතැයි සිතූ සුද්දා එසේ අරන් ගියේ දකුණේ කරා කුලයේ මිනිසෙකුගෙන් මිශ්‍රවූ වැද්දන්ගේ ජාන බව සුද්දා නොදැන සිටියේ ය. එම නිසාවෙන්ම වැද්දන්ගේ ජාන ගෙනයාමෙන් සුද්දන්ට වූ වැඩක් නැත. මන්ද නියම වැද්දෝ සිටින්නේ දඹානේ නොවන බව දන්නේ අතලොස්සක් බැවිනි. අද අංගම් ශාස්ත්‍රයේ නම භාවිතා කරමින් චීනඩි හෝ මලයාලම් අංගම්පොර නමින් මුස්ලිම්, දෙමළ හෝ සුදු ජාතිකයෙකුට ලබා දීමේද වැඩි වෙනසක් නැත. අංගම්පොරවලට සමීපයෙන් වත් නොයන යමක් අංගම්පොර නමින් සුද්දාටත් පද්දාටත් ගොස් ඇත. ඇති එකම ගැටලුව ඒ සුද්දා හෝ පද්දා බාල ගණයේ කලාවක් අංගම්පොර යන නම භාවිතා කොට ලෝකයට පෙන්වීමයි. සුදු කොටි බිහිකළ සිරි කොතලාවලලා ඇතුළු කරුණාපාලලාට හෙට අනිද්දාම එහි විපාකය විඳීමට සිදු වනු ඇත. කරුණාපාල නම් දැන් දැන් විඳින බව අපි දනිමු.

තලෙයි බාන් ඒකනායක ‍මොකා වුණත් ඉපදෙන්නේ මහව ය. ඌ අංගං නොදැන හිටියත් සංස්කෘතිය දැනං සිටිය යුතු ය. සංස්කෘතිය නොදැන සිටියත් සිංහල සංස්කෘතිය හා මුස්ලිම් සංස්කෘතිය යනු කිසිසේත්ම බද්ධ නොවූ දෙකක් බව දැනං සිටිය යුතු ය. අපේ ගමේ තමයි කඩොල් ඇතාට යුධ ඇඳුම හැදුවේ යයි රට වටා ගොස් කීවාට වැටක් නැත. ටී බී කොන  කපාගෙන හමාර බව දැන් අපට වැටහී ඇත.

ටී බී ට හා සිරි කොතලාවලට කිව යුත්තේ මෙයයි. ප්‍රසිද්ධ උන්ගෙන අංගං මනින්නට ගොස් සිදු වන්නේ සූකිරි කියා කිරිගල් කෑමට ය. චීනඩි හෝ මලයාලම් සටන් ක්‍රම හෝ කලරි අංගම්පොර නමින් ප්‍රසිද්ධ කිරීම යනු උඩබලාගෙන කෙල ගසා ගැනීමකි. හෙට අනිද්දා ඉන්දියාව ලංකාවේ අංගම්පොර කියන්නේ අපේ කලරිවලින් ගිය කොටසක් යැයි කිවහොත් පුදුම විය යුතු නැත. අරාබියේ සිට ගෙනා එකක් යයි මුස්ලිම් ජාතිකයා කිවහොත් ඒත් පුදුම විය යුතු නැත. ඒ නිසාවෙන්ම උඹලා තමන්ගේ බඩ වියත වෙනුවෙන් මේ කරන්නේ මේ රටේ ඉතිහාසය තම්බින්ට පාවා දීමයි. කුම්බලා මාළු කෑවානම් විඳවපන් බළලෝ කියා හම්බයින්ට අනාගතයේදී සිංහලයන්ට කියන්නට ඉඩ කඩ සැලසීම දැන් දැන් තලෙයි බාන් ඒකනායකලා සිදු කරන බව පෙනේ. එම නිසාවෙන්ම සංස්කෘතිය ඇමතිතුමා හා සිරි කොතලාවල මහතානෙනි, ඉක්මනට කොන මසා ගනිත්වා. නැත්නම් සිංහලයන්ට වන්නේ තම්බින්ගේ කොන දෙස බලාගෙන ගඟේ මූඳේ පැන මැරෙන්නට ය.